
තමන් යටතේ පවතින අනුබද්ධ සමාගම් වෙනම සමාගම් ලෙස කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කිරීමට චීනයේ ප්රසිද්ධ වෙළෙඳ සමාගම් දරන උත්සාහයන් පාලනය කිරීම සඳහා චීන කොටස් වෙළෙඳපොළ නියාමකයින් විසින් පැනවූ පරීක්ෂාවන් තියුණු කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
මෙහි ඇති ගැටලුව වන්නේ, මෙවැනි ගනුදෙනු මගින් වටිනා වත්කම් වෙනම වෙළඳාම් වන ආයතන වෙත මාරු කිරීම හරහා මව් සමාගමේ කොටස් හිමියන්ට අවාසි සිදුවිය හැකි වීමය.
ඒ අනුව වටිනා වත්කම් වෙනම වෙළෙඳාම් වන සමාගම් ලෙස වෙන් කිරීම මගින් මව් සමාගමේ කොටස් හිමියන් අවාසිදායක තත්ත්වයට පත්වීම පිළිබඳව නියාමකයින්ගේ අවධානය යොමුව ඇත.
මීට අමතරව, වෙන් කරනු ලබන සමාගම් මව් සමාගමට වඩා වෙනස් ක්ෂේත්රයක ව්යාපාරික කටයුතුවල නිරත වන බව තහවුරු කිරීමටත්,අභ්යන්තර පාර්ශ්වකරුවන් අතර සිදුවන ගනුදෙනු අවම කිරීමටත් නියාමක අධිකාරිය අපේක්ෂා කරයි.
විදේශීය වෙළෙඳ ශක්තිය මගින් දේශීය ආර්ථිකයේ දුර්වලතාව මගහරවා ගැනීමට උපකාරී වුවද, පොලී අනුපාත කප්පාදුව, නිවාස ණය සහනාධාර සහ අතිරේක ණය සීමා වෙන්කිරීම් වැනි ඉලක්කගත සහන පියවර බීජිං පාලනය විසින් හඳුන්වාදී ඇත්තේද වෙළෙඳපොළ ඉල්ලුම ඉහළ නැංවීමට සහ මූල්ය පීඩනයන් ලිහිල් කිරීම සඳහා ය.



















































