
පාකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්රීඩාංගණයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ලකුණු 110කට සීමා කිරීමට ශ්රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව, පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 25යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 110ක් පමණි.
ශ්රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දිල්ෂාන් මධුශංක ලකුණු 34කට කඩුලු 5ක් දවාගනිමින් සිය එක්දින ජාත්යන්තර ක්රිකට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.
සහන් ආරච්චිගේ ලකුණු 24කට කඩුලු 2ක් දවාගත් අතර, ඒෂාන් මාලිංග, දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්රනාන්දු එක් කඩුල්ල බැගින් බිඳහෙළූහ.
පාකිස්තාන වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 29ක් රැස් කළේය.
ඒ අනුව, තරගයේ ජයග්රහණය සඳහා ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 111ක ඉලක්කයක් හිමිව තිබේ.



















































