
අක්කරපත්තුව, ආලම්කුලම් ප්රදේශයේදී විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොල්වත්තකට ඇද තිබූ විදුලි රැහැනක් අලුත්වැඩියා කිරීමට යාමේදී මෙම පුද්ගලයාට විදුලි සැර වැදී ඇති අතර, පසුව ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 48ක් වූ අට්ටාලචේන ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් අක්කරපත්තුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



















































