
පවතින වැසි සහිත කාලගුණයත් සමඟ අද (27) දිනයේ දිවයිනේ සියලු පාසල් වසා දැමීමට පියවර ගත් බව අධ්යාපන අමාත්යංශය පවසයි.
ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගත් බව එම අමාත්යංශය සඳහන් කළේය.
කෙසේවෙතත් අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ සෞන්දර්යය විෂයේ ප්රායෝගික පරීක්ෂණ පෙර සැලසුම් කළ පරිදි පැවැත්වෙන බව අධ්යාපන අමාත්යංශ ලේකම් නාලක කළුවැව මහතා පැවසුවේය.
එමෙන්ම පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා ඇති සියලුම පෙර පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්යස්ථාන ද අද දිනයේ වසා තැබෙන බව මුල් ළමාවිය සංවර්ධන ජාතික ලේකම් කාර්යාලය සඳහන් කළේය.




















































