
වනාතවිල්ලුව ලැක්ටෝස් වත්තේ දී 2018 වසරේදී නීති විරෝධී අන්දමින් ගිනිඅවියක්, ජීව උණ්ඩ තොගයක් ඇතුළු පුපුරණ ද්රව්ය නිෂ්පාදනයට අවශ්ය ඩෙටනේටර් ඇතුළු ද්රව්ය රැස්කිරීම ඇතුළු චෝදනා 4කට වරදකරුවන් කරනු ලැබූ විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ විශේෂ ත්රිපුද්ගල මහාධිකරණයෙන් වසර 12 බැගින් බරපතළ වැඩසහිත සිරදඩුවම් නියම කර තිබේ.
අධි චෝදනා පත්රයෙහි සඳහන් 1,2,8 සහ 9 යන චෝදනා 4ට වරද පිළිගැනීමෙන් පසුව වරදකරුවන් කළ මොහොමඩ් ඊබ්රාහිම් සාදික් හා නවුෆර් මවුලවි යන දෙදෙනාට මෙලෙස දඬුවම් නියම කර ඇත.
ඔවුන් දෙදෙනාට පැනවූ වසර 48ක සිර දඬුවමක් මෙලෙස වසර 12කින් ගෙවීයන ලෙස මෙම දඬුවම් නියමකර තිබේ.



















































