
හැටන් - දික්ඔය මානික්කාවත්තේ වතු නිවාස පේළියක හටගත් ගින්නකින් වතු නිවාස 3ක් ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලීසිය පැවසීය.
අද (26) පස්වරුවේ වතු නිවාස 12කින් සමන්විත එම නිවාස පේළියේ එක් නිවසකින් මෙම ගින්න හටගෙන ඇති අතර පැවති දැඩි වර්ෂාවත් සමග දැඩි පරිශ්රමයක් දරා ගින්න පාලනය කිරීමට වතු කම්කරුවන් සමත් වී ඇත.
ගින්නෙන් එම නිවාස තුනේ පදිංචිව සිටි වතු කම්කරුවන්ගේ පෞද්ගලික බඩු බාහිර ආදිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හැටන් පොලීසිය විසින් සිදු කරනු ලබයි.



















































