
හැටන් ප්රදේශයට පවතින අධික වර්ෂාවත් සමඟ හැටන් පෞද්ගලික බස් නැවතුම්පොළේ ගාල් කර තිබූ පෞද්ගලික බස් රථ දෙකක් මතට පස් කන්දක් කඩා වැටී තිබේ.
අද (26) පස්වරු 3.30ට පමණ බස් රථ දෙකේ පිටුපස කොටසට මෙලෙස පස් කන්ද කඩා වැටී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.
සිද්ධියෙන් බස් රථ දෙකට අලාභහානි සිදුව ඇති බව වාර්තා වේ.
පස් කන්ද කඩා වැටීමත් සමඟ ඒ ආසන්නයේ ගාල් කර තිබූ අනෙකුත් බස් රථ ඉවත් කිරීමට පෞද්ගලික බස් නැවතුම්පොළේ වේලා සටහන්කරුවන් පියවර ගෙන ඇත.



















































