
අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS CANBERRA (LCS 30)’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්යතා සපුරා ගැනීම සඳහා අද (26) උදෑසන කොළඹ වරායට පැමිණ තිබේ.
එහිදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්රදායන්ට අනුව එම නෞකාව පිළිගනු ලැබීය.
Littoral Combat වර්ගයට අයත් මෙම නෞකාව මීටර් 127.6ක දිගකින් යුක්ත වන අතර, එහි අණදෙන නිලධාරියා ලෙස කොමාණ්ඩර් C. Towles කටයුතු කරයි.
2023 ජූලි 22 වැනිදා අධිකාරියට පත් කෙරුණු ‘USS CANBERRA (LCS 30)’ නෞකාව එතැන් සිට අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ සේවයේ යෙදී සිටියි.
මෙම නෞකාව මීට පෙර ද මෙම වසරේ ජුනි 12 වැනිදා ශ්රී ලංකාවට පැමිණ තිබේ.



















































