header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රත්නපුර ප්‍රා. ලේ කොට්ඨාස 6කට නායයෑමේ රතු නිවේදන
රත්නපුර ප්‍රා. ලේ කොට්ඨාස 6කට නායයෑමේ රතු නිවේදන
Mobitel 1278

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇලපාත සහ ඕපනායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

අද (26) පස්වරු 2.45ට නිකුත් කළ එම නිවේදනය හෙට (27) පස්වරු 2.45 දක්වා වලංගු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මීට අමතරව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට දෙවන මට්ටමේ (ඇම්බර්) සහ පළමු මට්ටමේ (කහ) නායයෑම් අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ.

දෙවන මට්ටමේ (ඇම්බර්) අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ

කළුතර දිස්ත්‍රික්කයේ :- වලල්ලාවිට, දොඩංගොඩ, බුලත්සිංහල සහ මදුරාවල
මහනුවර දිස්ත්‍රික්කයේ :-  උඩුනුවර සහ පස්බාගේ කෝරළය
කෑගල්ල දිස්ත්‍රික්කයේ :- දෙහිඕවිට, අරණායක, ගලිගමුව සහ දැරණියගල
කුරුණෑගල දිස්ත්‍රික්කයේ :- කුරුණෑගල
නුවරඑළිය දිස්ත්‍රික්කයේ :- අඹගමුව කෝරළය, කොත්මලේ නැගෙනහිර සහ නොර්වුඩ්
රත්නපුර දිස්ත්‍රික්කයේ :- නිවිතිගල, කිරිඇල්ල, බලංගොඩ,  ඇහැලියගොඩ සහ  කලවාන

අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ)

ගාල්ල දිස්ත්‍රික්කයේ :- කරන්දෙණිය සහ තවලම
ගම්පහ දිස්ත්‍රික්කයේ :- අත්තනගල්ල 
කළුතර දිස්ත්‍රික්කයේ :- මිල්ලනිය, ඉංගිරිය, බේරුවල, හොරණ සහ පාලින්දනුවර
මහනුවර දිස්ත්‍රික්කයේ :- උඩපළාත, උඩදුම්බර සහ ගඟ ඉහළ කෝරළය
කෑගල්ල දිස්ත්‍රික්කයේ :-  රුවන්වැල්ල, වරකාපොළ, කෑගල්ල, මාවනැල්ල සහ යටියන්තොට
කුරුණෑගල දිස්ත්‍රික්කයේ :-  මාවතගම, නාරම්මල සහ අලව්ව
නුවරඑළිය දිස්ත්‍රික්කයේ :-  බටහිර කොත්මලේ
රත්නපුර දිස්ත්‍රික්කයේ :-  ඉඹුල්පේ, වැලිගෙපොළ, කහවත්ත සහ කොළොන්න

මේ අතර  අද රාත්‍රියේ වර්ෂාපතනය වැඩිවීමත් සමඟ නායයෑමේ අවදානම ඉහළ යා හැකි බැවින් කඳුකර ප්‍රදේශවල ජනතාව විශේෂ අවධානයෙන් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී ජයතිස්ස මහතා සඳහන් කළේ, පසුගිය දිනවල ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් පස සංතෘප්ත වී ඇති බැවින් ඉදිරියේදී නායයෑම් සහ පස් කණ්ඩි කඩා වැටීම් සිදුවීමේ අවදානමක් පවතින බවය.

මේ වන විට සුළු නායයෑම් ආශ්‍රිත සිදුවීම් 117ක් වාර්තා වී ඇති බව ද ඔහු සඳහන් කළේය.

විශේෂයෙන්ම නිවාස පිටුපස අස්ථාවර පස් කණ්ඩි පවතින ස්ථානවලදී ඒ ආශ්‍රිතව ගැවසීමෙන් වළකින ලෙස කඳුකර ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඔහු පැවසීය.

එමෙන්ම, නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ස්වයංක්‍රීය වර්ෂාමාන 480ක් ස්ථාපිත කර ඇති බවත්, ඒවායෙන් ලැබෙන තත්කාලීන දත්ත මත නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරන බවත් ගාමිණී ජයතිස්ස මහතා සඳහන් කළේය.

ඒ අනුව, නිකුත් කරන අනතුරු ඇඟවීම්වලට අවධානය යොමු කර ඒ අනුව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි ඔහු, නායයෑම් හේතුවෙන් ජීවිත හානි සිදුවීමේ අවදානම ඉහළ බැවින් ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වන ලෙස ද අවධාරණය කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්