
විදේශගතව සිටින මහාපරිමාන මත්ද්රව්ය ජාවාරම්කරුවකුගේ මෙහෙයවීම මත මත්ද්රව්ය ප්රවාහනය කළ පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය විසින් බොරැල්ල ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
විදේශගතව සිටින මහාපරිමාන මත්ද්රව්ය ජාවාරම්කරුවකු වන 'බොරැල්ල ධනුෂ්ක' නැමැත්තාගේ මත්ද්රව්ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සන්තකයේ තිබී කුෂ් මත්ද්රව්ය ග්රෑම් 250ක්,ජංගම දුරකථනයක් සහ ජාවාරමෙන් උපයාගත් බවට සැක රුපියල් 6,000ක්
විශේෂ කාර්ය බලකා භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරු බොරැල්ල ප්රදේශයේ පදිංචි 30 හැවරිදි අයෙකි.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.



















































