header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අයහපත් කාලගුණයත් සමග මාර්ග අනතුරු ඉහළට - රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
අයහපත් කාලගුණයත් සමග මාර්ග අනතුරු ඉහළට - රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
Mobitel 1278

මේ දිනවල මාර්ග අනතුරුවල වැඩිවීමක් නිරීක්ෂණය වන බවත්, විශේෂයෙන්ම පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ සිදුවන බරපතළ අනතුරු කෙරෙහි පොලීසියේ විශේෂ අවධානය යොමුව ඇති බවත් රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධිර මහතා පවසයි.

අද (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, වර්ෂාව පවතින අවස්ථාවලදී මෙන්ම වර්ෂාවට පෙර පවතින අඳුරු කාලගුණික තත්ත්වයන් යටතේදීද රිය අනතුරු සිදුවීමේ අවදානම ඉහළ යන බවයි.

අයහපත් කාලගුණය සහ අඳුරු ස්වභාවය නිසා මාර්ගයේ දෘශ්‍යතාව අඩුවන බැවින් ඉදිරියෙන් පැමිණෙන වාහන හෝ මාර්ගයේ ඇති බාධක පැහැදිලිව හඳුනාගැනීම අපහසු වන බව ඔහු පැවසීය.

එම නිසා අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන් ඇතුළු සියලුම රියදුරන් අයහපත් කාලගුණය හමුවේ අධික වේගයෙන් රිය ධාවනය කිරීමෙන් වළකින ලෙස ඔහු පැවසීය.

එහිදී රියදුරන් සහ මගීන් හදිසි අවස්ථාවකදී පහසුවෙන් පාලනය කරගත හැකි ආරක්ෂිත වේගයකින් වාහන ධාවනය කිරීම,අධිවේගී මාර්ගවල සහ අනෙකුත් මාර්ගවල ගමන් ගන්නා සියලුම මගීන් නිසි ලෙස ආසන පටි පැළඳිය යුතු බව ඔහු පැවසීය.

එලෙසම දෘශ්‍යතාව අඩුවීම නිසා ඉදිරියෙන් සහ පසුපසින් එන වාහන නිරීක්ෂණය වීමේ අඩුවක් පවතින බැවින්, මංතීරුවල වාහන අතර ප්‍රමාණවත් ආරක්ෂිත ඉඩප්‍රමාණයක් පවත්වාගැනීම අවශ්‍ය බවද පැවසීය.

විශේෂයෙන්ම යතුරුපැදිකරුවන් ආරක්ෂිත හිස්වැසුම් පැළඳීම, රාත්‍රී සහ අඳුරු කාලගුණයේදී දෘශ්‍යතාව වැඩි කරන ආරක්ෂිත උපකරණ භාවිත කිරීම සහ අනෙකුත් වාහන සමග සුදුසු පරතරයක් තබාගැනීම අවශ්‍ය බවද පැවසීය.

අධික වේගය, අඩු දෘශ්‍යතාව සහ වර්ෂාව හේතුවෙන් මාර්ගයේ ඇතිවන අවදානම් නොසලකා හැරීම බරපතළ අනතුරුවලට හේතුවිය හැකි බැවින්, මාර්ග නීතිවලට අනුකූලව වඩාත් සැලකිලිමත්ව සහ ආරක්ෂිතව රිය ධාවනය කරන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා සියලුම රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
 

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්