
නෝටන්බ්රිජ් ප්රදේශයට අද (26) දින උදෑසන සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ විමලසුරේන්ද්ර ජලාශය වාන් දැමීමට පටන් ගෙන තිබේ.
ජලාශය වාන් දැමීමත් සමඟ එයින් මුදාහැරෙන ජලය හේතුවෙන් කැලණි ගඟට ජලය ගලා බසින කෙසෙල්ගමුඔයේ සහ කැලණි ගඟේ ජල මට්ටම ද මේ වන විට ඉහළ ගොස් ඇත.
එබැවින්, අදාළ ගංගා ආශ්රිත පහත් බිම්වල සහ අවට ප්රදේශවල ජීවත් වන ජනතාවට ඉදිරි පැය කිහිපය තුළ දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙස ආරක්ෂක අංශ විසින් දැනුම් දී සිටියි.



















































