
දිවයින පුරා තවදුරටත් ඩෙංගු අධි අවදානම් සහිත සෞඛ්ය වෛද්ය නිලධාරී කොට්ඨාස 28ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්යාව 105,097 දක්වා ඉහළ ගොස් තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව මෙම වසර තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 79දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, එය මුළු රෝගීන් සංඛ්යාවෙන් 52.02%ක ප්රතිශතයකි.
එනම් රෝගීන් 54,673ක් ලෙස සටහන් වී ඇත.
දිස්ත්රික් මට්ටමින් සැලකීමේදී වැඩිම රෝගීන් සංඛ්යාවක් ගම්පහ දිස්ත්රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්යාව 22,053කි.
ඊට අමතරව කොළඹ දිස්ත්රික්කයෙන් රෝගීන් 20,384ක්ද, මහනුවර දිස්ත්රික්කයෙන් රෝගීන් 8,378ක්ද, කළුතර දිස්ත්රික්කයෙන් රෝගීන් 6,592ක් ලෙසද රෝගීන් වාර්තා වී තිබේ.
එමෙන්ම ඔක්තෝබර් මාසයේ ගතවූ දින 25 තුළදී පමණක් ඩෙංගු රෝගීන් 4,377ක් වාර්තා වී ඇති බවද සඳහන් වේ.



















































