header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
නව ත්‍රස්ත පනතට එරෙහි පෙත්සම් විභාගය
නව ත්‍රස්ත පනතට එරෙහි පෙත්සම් විභාගය
Mobitel 1278

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ විය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදු කෙරුණි.

එහිදී අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 25 ක් ගොනු කර ඇති බවත් ඊට අදාළව කතානායක කාර්යාලයට වාර්තා කර තිබෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව ජනමාධ්‍යවේදීන් වන එහි.එෆ්.එම්.ෆසීර් සහ තරිදු උඩුවරගෙදර ඇතුළු පෙත්සම්කරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් "ස්වාමීනි.... මේ පනත් කෙටුම්පත හරහා ජනතාවගේ අධිකරණ බලය සීමා කිරීම සිදුවෙනවා. ඒ තුළින් කෙලින්ම ජනතාවගේ පරමාධිපත්‍ය උල්ලංඝනය වෙනවා. මෙම පනත් කෙටුම්පත තුළින් මහෙස්ත්‍රාත්වරයා හුදු "රබර් මුද්‍රාවක්" බවට පත් කර තිබෙනවා. මහෙස්ත්‍රාත්වරයාට සැකකරුවන් නිදහස් කිරීමේ බලය අහිමි කර තිබෙනවා. මහෙස්ත්‍රාත් වරයාට සැකකරුවකු නිදහස් කළ හැක්කේ නීතිපතිවරයාගේ එකඟතාවය අනුව පමණයි. මේ තුළින් අධිකරණ බලය සීමාවකට ලක් කර තිබෙනවා. යෝජිත පනත් කෙටුම්පතේ 27 සහ 28 වගන්තිවලින් පුද්ගලයින් රදවා ගැනීමේ නියෝග නිකුත් කිරීම පිළිබඳව සදහන් කර තිබෙනවා. එම වගන්තිවලින් අධිකරණ නියෝගයක් නොමැතිව පුද්ගලයෙකු රදවා ගැනීමේ බලය විධායකය වෙත ලබා දී තිබෙනවා. ඒ තුළින් ජනතාවගේ අධිකරණ බලය කප්පාදු කිරීමකට ලක් කර තිබෙනවා. 59 වගන්තිය තුළින් ජනාධිපතිවරයාට අත්තනෝමතික බලයක් ලබාදී තිබෙනවා. ඒ තුළින් ජනතාවගේ අධිකරණ බලය විධායකය විසින් අත්පත් කරගෙන තිබෙන අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 සහ 04 වන ව්‍යවස්ථාවවලට සම්පූර්ණයෙන්ම පටහැණියි. දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයකු අත් අඩංගුවට ගත් හැක්කේ පොලිසියට පමණයි. නමුත් යෝජිත පනත් කෙටුම්පත තුළින් පොලිසියට පමණක් නොව ත්‍රිවිධ හමුදාව මෙන්ම වෙරළාරක්ෂක බළකායටත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ බලය ලබා දී තිබෙනවා." යනුවෙන් පැවසීය.

එම අවස්ථාවේදී ප්‍රශ්නයක් යොමු කළ අගවිනිසුරුවරයා "එහි ඇති වරද කුමක්ද?" යනුවෙන් විමසීය.

"ස්වාමීනි...මේ තුළින් බලය අවභාවිතයට ලක් වීමට හැකියාව තිබෙනවා. පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සිදුකරන්නේ පොලිස් අධිකාරීවරයෙකුගේ නියමයන්ට අනුවයි. මෙම පනත් කෙටුම්පත තුළින් නිල ඇදුම් ඇඳ ගත් ඕනෑම අයෙකුට අත් අඩංගුවට ගැනීමේ බලය ලබාදී තිබෙනවා." යනුවෙන් සඳහන් කළේය.

වැඩි දුරටත් කරුණු දැක්වූ නීතිඥවරයා "යෝජිත පනත් කෙටුම්පත තුළින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට පුරවැසියන් ඇතැම් ප්‍රදේශවලට ඇතුළු වීම වළක්වාලමින් නියෝග නිකුත් කිරීමට බලය ලබාදී තිබෙනවා. මේ තුළින් යළිත් ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වීමක් සිදු වෙනවා."  ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව පෙත්සමක් ඉදිරිපත් කර තිබු හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් "ස්වාමීනි...රාජ්‍ය ආරක්ෂා කිරීම ඉතා වැදගත්. ඒ පිළිබඳ විවාදයක් නෑ. නමුත් අහිංසක පුද්ගලයිනගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන පරිදි මෙම පනත් ක්‍රියාත්මක වීම අවශ්‍යයි. ස්වාමීනි... මම උදාහරණයක් සඳහන් කරන්නම්. පාස්කු ප්‍රහාරයට පෙර වවුනතිවු ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරා දමා ඔවුන්ගේ ගිනි අවි පැහැරගැනීමේ සිද්ධියක් වාර්තා වී තිබුණා. පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් දමිළ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවාගෙන පාපොච්චාරණ ලබා ගත්තා. නමුත් පාස්කු ප්‍රහාරයෙන් පසුව අනාවරණය වුණා මෙම මිනීමැරුම් සිදුකළේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ රිල්වාන් ඇතුළු කණ්ඩායමක් බවට. මෙවැනි දේවල් සිදු නොවිය යුතුයි. ස්වාමීනි... යෝජිත පනත් කෙටුම්පත යටතේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයෙකු වසරක කාලයක් රඳවා ගැනීමෙන් අනතුරුව තවත් වසරක කාලයක් රිමාන්ඩ් භාරයට පත් කිරීම සඳහා බලය ලබා දී තිබෙනවා. එය ඇප පනතේ ප්‍රතිපාදනවලට පටහැනියි. ඊට අමතරව 51 වන වගන්තිය තුළින් නිදහසේ රැස්වීමට තිබෙන අයිතියට තහනම් පනවා තිබෙනවා. යම් රැස්වීමක්, ප්‍රවෘත්ති සාකච්ඡාවක් හෝ කිසියම් කටයුත්තක් ආරක්‍ෂාවට තර්ජනයක් යැයි විධායකය තීරණය කළහොත් එය තහනම් කිරීමට මෙම පනත් කෙටුම්පතින් බලය පවරා දී තිබෙනවා. ඒක ඉතාම භයානකයි. " යනුවෙන් සඳහන් කළේය.

ඒ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කළ අගවිනිසුරුවරයා" මෙසේ නම් ඊට ඔබේ දෙන විසදුම කුමක්ද?" යනුවෙන් විමසුවේය.

ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා "ස්වාමීනී... එම තීරණය ගැනීමේ බලය මහෙස්ත්‍රාත්වරයාට ලබාදිය යුතුයි. එය තමයි හොඳම විසඳුම. උදාහරණයක් සඳහන් කරනවානම් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය අසල කිසියම් පිරිසක් විරෝධතාවක් ආරම්භ කළා. පසුව පොලිසිය මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර නියෝග ලබාගෙන එය නිරාකරණය කර ගත්තා. ඒ නිසා මහෙස්ත්‍රාත්වරයා හරහා එම කටයුතු සිදුවීම සුදුසුයි. මෙවැනි කටයුතු තීරණ ගැනීමේ බලය විධායකයට පැවරීම සුදුසු නැහැ." යනුවෙන් සඳහන් කර සිටියේය.

මෙම කරුණු දැක්වීම් අතරතුර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම පනත් කෙටුම්පත තුළින් රජය කිසිදු ආකාරයක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කප්පාදු කිරීමට අපේක්ෂා නොකරන බවය.

ඉන් අනතුරුව තවත් පෙත්සම්කරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පත දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තව දුරටත් ඉදිරියට ගමන් කිරීමක් බව සඳහන් කළේය.

"ඒ හරහා පුද්ගලික නිදහස සීමා කර තිබෙනවා. අධිකරණ බලය සීමා කිරීමකට ලක් කිරීම අතිශය ගැටළු සහගතයි. ඒ හරහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවෙනවා." යනුවෙන් සඳහන් කර සිටියේය.

පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මොරටුව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පිළියන්දලදී කාර්මික දෝෂයකට ලක්වෙයි

මොරටුව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පිළියන්දලදී කාර්මික දෝෂයකට ලක්වෙයි

මොරටුව, සොයිසාපුර රත්කළ වෙඩිල්ල... නවතම දර්ශන

මොරටුව, සොයිසාපුර රත්කළ වෙඩිල්ල... නවතම දර්ශන

අධි අවදානම් අලි ඇතුන් 13ක් ගැන වයිල්ඩ් ටස්කර් සංවිධානයෙන් හෙළිදරව්වක්

අධි අවදානම් අලි ඇතුන් 13ක් ගැන වයිල්ඩ් ටස්කර් සංවිධානයෙන් හෙළිදරව්වක්

තවමත් හදවත් කකියන කාවන්තිස්ස හස්තියාගේ මරණය

තවමත් හදවත් කකියන කාවන්තිස්ස හස්තියාගේ මරණය

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

පැය 2කට පසු අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් - එන්න කියපු හේතුව හෙළිකරයි

පැය 2කට පසු අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් - එන්න කියපු හේතුව හෙළිකරයි

 “වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා”

“වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා”

නාමල්ගේ අත්අඩංගුවට පත් ලේකම් ගැන මොනවද දන්නේ ? | Ada Derana

නාමල්ගේ අත්අඩංගුවට පත් ලේකම් ගැන මොනවද දන්නේ ? | Ada Derana

මහින්ද කහඳගම පොහොට්ටුවේ නෙවෙයිද? | Ada Derana

මහින්ද කහඳගම පොහොට්ටුවේ නෙවෙයිද? | Ada Derana

අකුරණ මහා අනතුර ගැන පොලීසිය කරුණු කියයි

අකුරණ මහා අනතුර ගැන පොලීසිය කරුණු කියයි

රටම හොයපු අග්බෝ... | නාච්චාදූව රක්ෂිතයෙන් සොයාගත් හැටි |  අද දෙරණට ලැබුණු සුවිශේෂි දර්ශන පෙළක්...

රටම හොයපු අග්බෝ... | නාච්චාදූව රක්ෂිතයෙන් සොයාගත් හැටි | අද දෙරණට ලැබුණු සුවිශේෂි දර්ශන පෙළක්...

විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ  සත්‍යග්‍රහය අද සිව්වන දිනටත්

විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහය අද සිව්වන දිනටත්

තරුණිය පැදවූ යතුරුපැදිය සහ මෝටර් රථයක්  මුහුණට මුහුණ ගැටී සිදුවූ බිහිසුණු අනතුර

තරුණිය පැදවූ යතුරුපැදිය සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ බිහිසුණු අනතුර

අපවත් වී වදාළ ගැටඹේ හිමියන්ගේ දේහය රාජෝපවනාරාමයට ගෙන ආ අයුරු

අපවත් වී වදාළ ගැටඹේ හිමියන්ගේ දේහය රාජෝපවනාරාමයට ගෙන ආ අයුරු

නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

Lassana Flora
Spotlight
ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

 හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

 බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

 විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana