header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අධ්‍යාපන වෘත්තීක සභාව ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමාදය පිළිබඳ විශේෂ අවධානය
අධ්‍යාපන වෘත්තීක සභාව ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමාදය පිළිබඳ විශේෂ අවධානය
Mobitel 1278

යෝජිත අධ්‍යාපන සභාව ස්ථාපිත කිරීම සඳහා වන පාර්ලිමේන්තු අනුකමිටුව එහි සභාපති, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනයක් ඇති කිරීමේ අරමුණින් ස්ථාපිත කිරීමට යෝජිත අධ්‍යාපන සභාව පිහිටුවීමට අදාළ ක්‍රියාවලියේ වත්මන් ප්‍රගතිය පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමු විය.

එහිදී අනාවරණ වූයේ අදාළ ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රමාදයක් පවතින බවය.

යෝජිත අධ්‍යාපන සභාව ස්ථාපිත කිරීම සඳහා පසුගිය අගෝස්තු 17 වැනිදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති අතර, අදාළ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීමට ද තීරණය කර තිබුණි.

කෙසේ වෙතත්, එතැන් සිට මාස දෙකකට අධික කාලයක් ගත වී තිබුණද, අදාළ යෝජනාව නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර නොමැති බව අනුකමිටු රැස්වීමේදී අනාවරණය වූ බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව යෝජනා නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් සිදු කෙරෙන නමුත්, අධ්‍යාපන සභාව පිහිටුවීමට අදාළව එම ක්‍රියාවලියේ ප්‍රමාදයක් පවතින බව එහිදී සාකච්ඡා වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, අධ්‍යාපන සභාව පිහිටුවීමට අදාළ යෝජනාව අද (20) දින නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීමට පියවර ගන්නා බවය.

මීට පෙර පැවැති සාකච්ඡාවලදී ද අධ්‍යාපන සභාව ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රමාදයක් පවතින බවට කරුණු ඉදිරිපත් වී ඇති අතර ඒ අනුව, අධ්‍යාපන සභාව ස්ථාපිත කිරීමේ සමස්ත ක්‍රියාවලිය මාස 08කින් පමණ ප්‍රමාද වී ඇති බව මෙවර අනුකමිටු රැස්වීමේදී අනාවරණ වී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යාපන සභාව ස්ථාපිත කිරීම සඳහා වන පාර්ලිමේන්තු අනුකමිටුවේ සභාපති, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ අදාළ වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කර මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීමට කටයුතු කරන බවය.

වත්මන් රජයේ "පොහොසත් රටක් –ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රමුඛස්ථානයක් හිමි වන අතර, අධ්‍යාපන සභාවක් ස්ථාපිත කිරීම එම ක්ෂේත්‍රයේ වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා වැදගත් පියවරක් ලෙස සැලකේ.

ගුරු සේවය, විදුහල්පති සේවය සහ අධ්‍යාපන පරිපාලන සේවය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීන් සඳහා පොදු වෘත්තීය ප්‍රමිතීන් හා ආචාරධර්ම පද්ධති හඳුන්වා දීම, අධ්‍යාපන වෘත්තිකයන්ගේ සුදුසුකම් නියාමනය කිරීම, ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා අවශ්‍ය මඟපෙන්වීම් සැපයීම සහ ඔවුන්ගේ ලියාපදිංචිය හා වෘත්තීය පිළිගැනීම විධිමත් කිරීම යෝජිත අධ්‍යාපන සභාවේ ප්‍රධාන අරමුණු අතර වේ.

එමෙන්ම, අධ්‍යාපන වෘත්තිකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සහ වගකීම් සම්බන්ධයෙන් පැහැදිළි රාමුවක් ඇති කිරීම සඳහා නීතිමය බලතල සහිත ආයතනයක් ස්ථාපිත කිරීම ද මෙම යෝජනාවේ වැදගත් අරමුණකි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අධි අවදානම් අලි ඇතුන් 13ක් ගැන වයිල්ඩ් ටස්කර් සංවිධානයෙන් හෙළිදරව්වක්

අධි අවදානම් අලි ඇතුන් 13ක් ගැන වයිල්ඩ් ටස්කර් සංවිධානයෙන් හෙළිදරව්වක්

තවමත් හදවත් කකියන කාවන්තිස්ස හස්තියාගේ මරණය

තවමත් හදවත් කකියන කාවන්තිස්ස හස්තියාගේ මරණය

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

පැය 2කට පසු අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් - එන්න කියපු හේතුව හෙළිකරයි

පැය 2කට පසු අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් - එන්න කියපු හේතුව හෙළිකරයි

 “වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා”

“වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා”

නාමල්ගේ අත්අඩංගුවට පත් ලේකම් ගැන මොනවද දන්නේ ? | Ada Derana

නාමල්ගේ අත්අඩංගුවට පත් ලේකම් ගැන මොනවද දන්නේ ? | Ada Derana

මහින්ද කහඳගම පොහොට්ටුවේ නෙවෙයිද? | Ada Derana

මහින්ද කහඳගම පොහොට්ටුවේ නෙවෙයිද? | Ada Derana

අකුරණ මහා අනතුර ගැන පොලීසිය කරුණු කියයි

අකුරණ මහා අනතුර ගැන පොලීසිය කරුණු කියයි

රටම හොයපු අග්බෝ... | නාච්චාදූව රක්ෂිතයෙන් සොයාගත් හැටි |  අද දෙරණට ලැබුණු සුවිශේෂි දර්ශන පෙළක්...

රටම හොයපු අග්බෝ... | නාච්චාදූව රක්ෂිතයෙන් සොයාගත් හැටි | අද දෙරණට ලැබුණු සුවිශේෂි දර්ශන පෙළක්...

විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ  සත්‍යග්‍රහය අද සිව්වන දිනටත්

විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහය අද සිව්වන දිනටත්

තරුණිය පැදවූ යතුරුපැදිය සහ මෝටර් රථයක්  මුහුණට මුහුණ ගැටී සිදුවූ බිහිසුණු අනතුර

තරුණිය පැදවූ යතුරුපැදිය සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ බිහිසුණු අනතුර

අපවත් වී වදාළ ගැටඹේ හිමියන්ගේ දේහය රාජෝපවනාරාමයට ගෙන ආ අයුරු

අපවත් වී වදාළ ගැටඹේ හිමියන්ගේ දේහය රාජෝපවනාරාමයට ගෙන ආ අයුරු

නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

නීතිය ගැන අවසන් වගකිවයුත්තා කවුද ? - ''අධිකරණ තීරණයන්ට අපි යටත් වෙනවා | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

රට හොල්ලපු හැටි කියන හරිනි - ''ගැහැණු අපි එක මිටට...හරිම සතුටුයි මූණවල් දකිද්දි'' | Ada Derana

 ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

ඥානසාර හිමි වෙනුවෙන් බලන්ගොඩින් පෙන්වූ භික්ෂු බලය..."එක හඬින්ම කියා සිටින්නේ නිදහස ලබාදෙන්න"

Lassana Flora
Spotlight
ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

 හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

මුස්ලිම් විවාහ පනතට මුස්ලිම් කාන්තා ක්‍රියාකාරීහු සංශෝධන ඉල්ලති | Ada Derana

 බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

බැසිල්ගේ 'ෆයිල්' නීතිපතිට - රතු නිවේදනයට වැඩ අරඹයි | Ada Derana

 විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

විදුලි බිල වැඩි කරන්න යළි ඉල්ලීමක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

අද ලෝක ආහාර දිනය | බඩගින්න නැති හෙට දවසක් උදෙසා අස්වැන්නෙන් පිරුණු ලොවක් තනමු | Ada Derana

 පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana

පාගමනේ ආ හිමිවරු ජනපති කන්තෝරුව ළඟ රැය පහන් කරති | Ada Derana