
ත්රිකුණාමලය සිට කන්කසන්තුරය, කල්පිටිය සහ කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්රදේශ සඳහා රළු මුහුදු ප්රදේශ පිළිබඳව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (20) ප.ව. 04.30 ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට පෙ.ව. 01.30 තෙක් වලංගු වෙයි.
ඒ අනුව,ත්රිකුණාමලය සිට කන්කසන්තුරය, කල්පිටිය සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල ගිගුරුම් සහිතවැසි ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශවල තාවකාලිකව තද සුළං පැ.කි.මී. 60-70 ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
එබැවින් එම මුහුදු ප්රදේශවල සිය කටයුතු වල යෙදන ධීවර සහ නාවික ප්රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරනමෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ලබයි.



















































