
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්ය ප්රසන්න රණතුංග මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ජනවාරි මස 26 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කර තිබේ.
මෙම නඩුකරය අද (20) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින සැකකාර ප්රසන්න රණතුංග මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
ඒ අනුව නඩුකරය නැවත ජනවාරි මස 26 වන දා කැඳවීමට නියම කළ මහේස්ත්රාත්වරයා එදින විමර්ශනවල ප්රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අල්ලස් කොමිසමට නියම කළේය.
සංචාරක අමාත්යවරයා වශයෙන් කටයුතු කළ අවධියෙන් සංචාරක අධිකාරිය ඇතුළු ආයතන හතරක සේවකයින්ට රක්ෂාණාවරණ ලබාදමේදී රජයට පාඩුවක් සිදු කළ බවට සැකපිට ප්රසන්න රණතුංග මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.



















































