
දේශීය වෛද්ය ක්ෂේත්රය වඩාත් විධිමත් ලෙස නියාමනය කිරීම සහ දේශීය ඖෂධ අපනයනයට අදාළ බලපත්ර නිකුත් කිරීම ඇතුළු අරමුණු වෙනුවෙන් 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, අදාළ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් ලබාදීමට නියමිතය.
ආයුර්වේද, සිද්ධ, යුනානි සහ දේශීය චිකිත්සා යන වෛද්ය ක්රමවලින් සමන්විත ශ්රී ලංකාවේ දේශීය වෛද්ය ක්ෂේත්රය නියාමනය, සංවර්ධනය සහ පාලනය කිරීම සඳහා මෙම පනතේ විධිවිධාන ක්රියාත්මක වේ.
එම ක්ෂේත්රයේ සියලු කාර්යයන් වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාම, නියාමන කටයුතු විධිමත් කිරීම, දේශීය ඖෂධ අපනයනයට අදාළ බලපත්ර නිකුත් කිරීම සහ තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් මෙම සංශෝධන හඳුන්වා දීමට යෝජනා කර තිබේ.
ඒ සඳහා සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.



















































