
ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්රමිකතා හෝ නීතිවිරෝධී ක්රියා සිදුවී ඇත්දැයි විමර්ශනය කිරීම සඳහා පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය 2026 දෙසැම්බර් 16 වනදා දක්වා දීර්ඝ කර තිබේ.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් මගිනි.
අදාළ කොමිෂන් සභාවේ කාලය පසුගිය ඔක්තෝබර් 16 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ අතර, ඒ අනුව එම කාලය තවත් මාස දෙකකින් දීර්ඝ කර ඇත.
ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් පසුගිය අප්රේල් 17 වනදා නිකුත් කර තිබේ.



















































