
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 79ක් වාර්තා වී තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව, මේ වන විට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්යාව 103,565ක් වෙයි.
එමෙන්ම සමස්ත රෝගීන් සංඛ්යාවෙන් 52.19%ක් එනම් රෝගීන් 54,046ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.
දිස්ත්රික් මට්ටමින් සැලකීමේදී වැඩිම රෝගීන් සංඛ්යාවක් ගම්පහ දිස්ත්රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්යාව 21,828කි.



















































