
ඉරානයේ හූති සටන්කාමීන් විසින් යේමනයේ ෂබ්වා පළාතේ පිහිටි හමුදා පුහුණු කඳවුරකට එල්ල කළ ප්රහාරයකින් පුද්ගලයින් 58දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එමෙන්ම මෙම ප්රහාරය හේතුවෙන් තවත් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර 14දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර සිටී.
එරට ආරක්ෂක අංශ පුහුණු අභ්යාසයක නිරතව සිටියදී හූති සටන්කාමීන් විසින් අදාළ කඳවුර දෙසට බැලස්ටික් මිසයිල තුනක් එල්ල කර ඇති බව සඳහන්.
සෞදි හමුදා විසින් පවත්වාගෙන යනු ලබන මෙම පුහුණු කඳවුර ඉලක්ක කර ප්රහාරය එල්ල කළ බව හූති හමුදා ප්රකාශ කර ඇතත් සෞදි බලධාරීන් මේ සම්බන්ධයෙන් ප්රතිචාරයක් දක්වා නොමැත.



















































