
හදිසි විකිරණශීලී ද්රව්ය කාන්දුවක් සිදුවන අවස්ථාවකදී රෝහල් පද්ධතිය සූදානම් වන ආකාරය සහ ක්රියාත්මක වන අයුරු නිරූපණය කෙරෙන විශේෂ පෙරහුරුවක් අද (17) ගාල්ල ජාතික රෝහල් පරිශ්රයේදී පැවැත්වුණි.
විකිරණශිලි ද්රව්යයක් ප්රවාහනය කරන ලොරියක් සහ මගී ප්රවාහන බස් රථයක් ගැටී අනතුරක් සිදු වූ ස්ථානයක සිට විකිරණ ආසාදිත රෝගීන් ආරක්ෂිතව රෝහල වෙත ප්රවාහනය කිරීම, විෂබීජහරණය සහ ඔවුන්ට අවශ්ය හදිසි ප්රතිකාර ලබා දීමේ ක්රියාවලිය දක්වා වූ සියලු පියවර මෙම පෙරහුරුවේදී ප්රායෝගිකව අත්හදා බැලිණි.
හදිසි ආපදා තත්ත්වයකට සාර්ථකව මුහුණ දීමේ අරමුණින් සංවිධානය කර තිබූ මෙම පෙරහුරුව සඳහා ගාල්ල ජාතික රෝහලේ වෛද්ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩලය, ගාල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ත්රිවිධ හමුදා සාමාජිකයෝ විශාල පිරිසක් එක්ව සිටියහ.



















































