
පාකිස්තානයේ පෙෂාවර් නගරයේ පාසලක වහලක් කඩා වැටීමෙන් මිය ගිය පාසල් සිසුන්ගේ සංඛ්යාව 27 දක්වා ඉහළ ගොස් තිබේ. (Update 13:32)
===============
පාකිස්තානයේ පෙෂාවර් නගරයේ පාසලක වහලක් කඩා වැටීමෙන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඒ අතර සිසුන් 17 දෙනෙකු සහ ගුරුවරයෙකු සිටින බව විදෙස් මාධ්ය වාර්තා සඳහන් කළේය.
මෙම සිසුන් වයස අවුරුදු 13ට අඩු අය වන බවත්, මෙම අනතුරින් සිසුන් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් සඳහන්ය.
තුවාල ලැබූවන්ගෙන් ඇතැම් පිරිසකගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්ය වාර්තා සඳහන් කරයි.
සිරවී සිටින අයට ළඟාවීම සඳහා සුන්බුන් ඉවත් කරමින් සිටින බව සහන සේවකයෝ පවසති.
ඉදිකිරීම් ප්රමිතීන් බොහෝ විට දුර්වල ලෙස ක්රියාත්මක වන පකිස්ථානයේ ගොඩනැගිලි කඩා වැටීම් බහුලව දක්නට ලැබේ.
බොහෝ ව්යුහයන් ඉදිකර ඇත්තේ ප්රමිතියෙන් තොර ද්රව්යවලින් වන අතර, පිරිවැය අඩු කිරීම සඳහා ආරක්ෂක රෙගුලාසි නිතර නොසලකා හරිනු ලබන බව විදෙස් මාධ්ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි. (Update 12:28)



















































