
සෞදි අරාබියාවේ රැකියාවක නිරතව සිටි ඉංජිනේරු අනෝජන් සිවරාසා මහතාට එරට අධිකරණය පැනවූ මරණ දඬුවම අහෝසි කිරීමට සෞදි අරාබි රජය ගත් තීරණය සම්බන්ධයෙන් සතුටු වන බවත් ඒ වෙනුවෙන් කටයුතු කළ සියලු දෙනාට සිය ගෞරවය සහ ස්තූතිය පිරිනමන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.
මෙම සිදුවීමේදී අනෝජන් සිවරාසා මහතාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට කැපවූ ෆයිසර් මුස්තාෆා මහතා, උපුල් කුමරප්පෙරුම මහතා ප්රමුඛ නීතීඥයන් සියලු දෙනාට සහ ශ්රී ලංකාවේ සෞදි තානාපතිවරයා ප්රමුඛ සියලු දෙනාට ස්තුතිවන්ත වන බවත් ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් කළ හැකි උපරිමය තමා ඇතුළු පිරිස ද ඉටුකළ බවත් මොහුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවීම ගැන අතිශය සතුටු වන බවත් සෞදි අරාබියාවේ ශ්රේෂ්ඨාධිකරණයට සහ රජතුමාට ද මේ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.



















































