header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
2030දී මෙරට ඩිජිටල් ආර්ථිකයේ ඉලක්ක අගමැති හෙළිකරයි
2030දී මෙරට ඩිජිටල් ආර්ථිකයේ ඉලක්ක අගමැති හෙළිකරයි
Mobitel 1278

ශ්‍රී ලංකාව හුදෙක් තාක්ෂණය භාවිත කරන රටක් නොව නවෝත්පාදන බිහි කරන රටක් බවට පරිවර්තනය කිරීම සඳහා රජය දැඩි කැපවීමකින් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (13) පැවැති 26 වැනි ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවේ (SLEIS) 2026 සැසිවාරයට එක්වෙමිනි.

මෙම වසරේ පළමු මාස හය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 9 ඉක්මවා ඇති බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

"ඩිජිටල් යුගයක ජාතිය ගොඩනැගීම" යන තේමාව යටතේ පැවති මෙම සමුළුවේදී, රටේ ආර්ථිකය නංවාලීම සඳහා ඩිජිටල් තාක්ෂණය උපායමාර්ගිකව යොදා ගන්නා ආකාරය පිළිබඳව ඇය පුළුල් ලෙස සාකච්ඡා කළාය.

2030 වන විට මෙරට ඩිජිටල් ආර්ථිකය අමෙරිකානු ඩොලර් බිලියන 15 දක්වා ඉහළ නැංවීම, ඩිජිටල් අපනයන,ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 5 දක්වා වර්ධනය කිරීම සහ ඩිජිටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් 200,000කින් සමන්විත ශ්‍රම බලකායක් ගොඩනැගීම ඉදිරි ඉලක්ක බව අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කළාය.

එමෙන්ම රාජ්‍ය ආයතන නවීකරණය කිරීම සහ මහජන සේවා සැපයීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඩිජිටල් පොදු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ මූලික ඩිජිටල් පරිවර්තන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 30 කට ආසන්න මුදලක් වෙන් කර ඇති බව ද ඇය සඳහන් කළාය.

මෙහිදී උදාහරණයක් ලෙස දැක්වූ රාජ්‍ය ආයතන 300කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ කර ගනිමින් රුපියල් බිලියන 6කට වැඩි ගෙවීම් සිදු කර ඇති GovPay ඩිජිටල් ගෙවීම් වේදිකාව, රාජ්‍ය ගනුදෙනු සරල කිරීමට සහ විනිවිදභාවය තහවුරු කිරීමට මහෝපකාරී වී තිබේ.

සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, බලශක්තිය සහ ප්‍රවාහනය වැනි ප්‍රධාන ක්ෂේත්‍ර නවීකරණය කිරීම සඳහා තාක්ෂණය පුළුල් ලෙස දායක කරගත හැකි ආකාරය අග්‍රාමාත්‍යවරයි පෙන්වා දුන්නාය.

ඩිජිටල් සෞඛ්‍ය පද්ධති සහ දුරස්ථ වෛද්‍ය සේවා (Telemedicine) හරහා සෞඛ්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය පුළුල් කිරීම, දත්ත පදනම් කරගත් කෘෂිකාර්මික ක්‍රමවේද මඟින් ඵලදායිතාව සහ ජල කළමනාකරණය ශක්තිමත් කිරීම සහ ස්මාර්ට් විදුලි ජාල හරහා පුනර්ජනනීය බලශක්තියට පිවිසීම මෙන්ම ඩිජිටල් ප්‍රවේශපත්‍ර සහ රථවාහන කළමනාකරණ පද්ධති මඟින් මගීන්ගේ ගමනාගමන දුෂ්කරතා අවම කිරීම යන කරුණු සම්බන්ධයෙන් ද අදහස් පළ කළාය.

සමාජයේ පවතින අසමානතා තවදුරටත් පුළුල් නොවන අයුරින්, පුරවැසියා කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් අනුගමනය කරමින් මෙම ඩිජිටල් පරිවර්තනය ක්‍රියාත්මක කළ යුතු බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
එළියට වැඩම කරවීමේදී චීවරය දරා සිටීමට අවසර.. සිවුර ගැන කමිටුවේ නිර්දේශ අධිකරණ ඇමති හෙළිකරයි

එළියට වැඩම කරවීමේදී චීවරය දරා සිටීමට අවසර.. සිවුර ගැන කමිටුවේ නිර්දේශ අධිකරණ ඇමති හෙළිකරයි

 ලක්ෂපාන වත්තේ ඉරිතලා ගිය නිවාස.. - "බිත්ති පුපුරලා වැටිලා මැරුණම තමයි බලධාරීන් බලන්නේ"

ලක්ෂපාන වත්තේ ඉරිතලා ගිය නිවාස.. - "බිත්ති පුපුරලා වැටිලා මැරුණම තමයි බලධාරීන් බලන්නේ"

 චීවරය ඉවත්කිරීම ගැන එල්ලවන චෝදනා බන්ධනාගාරය ප්‍රතික්ෂේප කරයි

චීවරය ඉවත්කිරීම ගැන එල්ලවන චෝදනා බන්ධනාගාරය ප්‍රතික්ෂේප කරයි

 ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත්කිරීම ගැන පක්ෂ විපක්ෂ කතා

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත්කිරීම ගැන පක්ෂ විපක්ෂ කතා

 අනෝජන් වෙනුවෙන් ගත් උත්සාහය ඵලදැරූ හැටි - සම්පූර්ණ කතාව මෙන්න...

අනෝජන් වෙනුවෙන් ගත් උත්සාහය ඵලදැරූ හැටි - සම්පූර්ණ කතාව මෙන්න...

රුමේෂ්ගේ නිවසට යන පාර ආණ්ඩුවෙන් හදයි

රුමේෂ්ගේ නිවසට යන පාර ආණ්ඩුවෙන් හදයි

"සිරිලිය සවිය" කළු සල්ලි සුදු කළාද? - ශිරන්තිගේ හෘද සැත්කමක් ගැන නීතීඥවරයාට කරුණු වරදී

"සිරිලිය සවිය" කළු සල්ලි සුදු කළාද? - ශිරන්තිගේ හෘද සැත්කමක් ගැන නීතීඥවරයාට කරුණු වරදී

AIRBUS නඩුවට අල්ලස් කොමිසම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

AIRBUS නඩුවට අල්ලස් කොමිසම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

IMF සමඟ අලුත් දීගෙකට රජය සූදානමින්? - "අලුත් එකඟතාවකට යන්න පුළුවන්නම් ඒ සඳහා ලෑස්තියි"

IMF සමඟ අලුත් දීගෙකට රජය සූදානමින්? - "අලුත් එකඟතාවකට යන්න පුළුවන්නම් ඒ සඳහා ලෑස්තියි"

ගින්නෙන් විනාශ වුණු නිවාස බලන්න ගිය බල්තසාර්ට ජනතාව සැර වෙයි - "තාවකාලික විසඳුම් එපා.."

ගින්නෙන් විනාශ වුණු නිවාස බලන්න ගිය බල්තසාර්ට ජනතාව සැර වෙයි - "තාවකාලික විසඳුම් එපා.."

ඥානසාර හිමි වෙනුවෙන් ඉදිරියට ඇදෙන පාගමනට එක්වූ මෙහෙණින් වහන්සේලා

ඥානසාර හිමි වෙනුවෙන් ඉදිරියට ඇදෙන පාගමනට එක්වූ මෙහෙණින් වහන්සේලා

 "පුද්ගලයෝ වැරදි කළාට සිවුරට දඬුවම් දෙන්න බෑ" - ඥානසාර හිමි ගැන ලාල්ගේ මතය

"පුද්ගලයෝ වැරදි කළාට සිවුරට දඬුවම් දෙන්න බෑ" - ඥානසාර හිමි ගැන ලාල්ගේ මතය

ශිරන්ති හදවත් සැත්කමකට භාජනය කරලා..නීතිඥයා අධිකරණයට කියයි - නාමල්..යෝෂිත උසාවි එයි..

ශිරන්ති හදවත් සැත්කමකට භාජනය කරලා..නීතිඥයා අධිකරණයට කියයි - නාමල්..යෝෂිත උසාවි එයි..

ඥානසාර හිමි වෙනුවෙන් දිනෙන් දින නැගෙන හඬ.. "පාගමනත් එක්ක බලධාරීන් කලබල වෙලා" | Ada Derana

ඥානසාර හිමි වෙනුවෙන් දිනෙන් දින නැගෙන හඬ.. "පාගමනත් එක්ක බලධාරීන් කලබල වෙලා" | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. අද වරකාපොළ සිට නිට්ටඹුව දක්වා ...

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. අද වරකාපොළ සිට නිට්ටඹුව දක්වා ...

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

නිදහසේ පාද යාත්‍රාව අද නිට්ටඹුවේ සිට කඩවතට

නිදහසේ පාද යාත්‍රාව අද නිට්ටඹුවේ සිට කඩවතට

ගෙදරට එන්නෙත් නෑ ලිඛිතව දෙන්නෙත් නෑ - ලයිට් නොකපා සල්ලි ගරලා - ලෙකෝට චෝදනා

ගෙදරට එන්නෙත් නෑ ලිඛිතව දෙන්නෙත් නෑ - ලයිට් නොකපා සල්ලි ගරලා - ලෙකෝට චෝදනා

බොක්ක කැලඹී වැස්ස විසිරෙයි

බොක්ක කැලඹී වැස්ස විසිරෙයි

යෝෂිත, කරන්නාගොඩ, බෝගොල්ලාගමට එරෙහි නඩු 28 - 29 කැඳවයි

යෝෂිත, කරන්නාගොඩ, බෝගොල්ලාගමට එරෙහි නඩු 28 - 29 කැඳවයි

ශිරන්ති, නාමල්, පිල්ලෙයාන් රිමාන්ඩ්

ශිරන්ති, නාමල්, පිල්ලෙයාන් රිමාන්ඩ්

IMF ගිවිසුම අලුත් කරන්න සූදානම්

IMF ගිවිසුම අලුත් කරන්න සූදානම්

"විශ්වාසය තබන්න - ආයෝජකයිනි මෙහි එන්න"ජනපති ඉල්ලයි

"විශ්වාසය තබන්න - ආයෝජකයිනි මෙහි එන්න"ජනපති ඉල්ලයි

පෝට්සිටියේ මැරකම් කළ චීන පාතාලයේ ප්‍රබලයෙක් දැලේ

පෝට්සිටියේ මැරකම් කළ චීන පාතාලයේ ප්‍රබලයෙක් දැලේ

ගෝලීය අභියෝග මැද ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරයි - මහ බැංකුව කියයි | Ada Derana

ගෝලීය අභියෝග මැද ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරයි - මහ බැංකුව කියයි | Ada Derana

රාජාංගණය වැව වාන් දැමීමට ආසන්නයි | Ada Derana

රාජාංගණය වැව වාන් දැමීමට ආසන්නයි | Ada Derana

"රුපියල ආරක්ෂා කරගැනීමට ආණ්ඩුව අලෙවි කරන ඩොලර් ප්‍රමාණය ඉහළ ගිහින්" | Ada Derana

"රුපියල ආරක්ෂා කරගැනීමට ආණ්ඩුව අලෙවි කරන ඩොලර් ප්‍රමාණය ඉහළ ගිහින්" | Ada Derana

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් | Ada Derana

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් | Ada Derana

මුන්දලමට හැමූ සුළඟකින් නිවාස 7කට හානි | Ada Derana

මුන්දලමට හැමූ සුළඟකින් නිවාස 7කට හානි | Ada Derana