
පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 15දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
ඒ අනුව, කුසල් මෙන්ඩිස් නව නායකයා ලෙස පළමු වරට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙහෙයවීමට නියමිතය.
මෙම සංචිතයට නවක ක්‍රීඩක අංජල බණ්ඩාර ද ඇතුළත් කර ඇති අතර පැතුම් නිස්සංකගේ සහභාගිත්වය ඔහුගේ ශාරීරික යෝග්‍යතාව මත තීරණය වනු ඇති බව ද සඳහන් වේ.
මෙම ටෙස්ට් තරගාවලිය නොවැම්බර් 9 වැනිදා සිට 21 වැනිදා දක්වා රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගරවලදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචිතය -
1. පැතුම් නිස්සංක
2. පසිඳු සූරියබණ්ඩාර
3. දිනේෂ් චන්දිමාල්
4. කමිඳු මෙන්ඩිස්
5. සොනාල් දිනූෂ
6. කුසල් මෙන්ඩිස් (නායක)
7. ධනංජය ද සිල්වා
8. අංජල බණ්ඩාර
9. කේෂර නුවන්ත
10. ප්‍රභාත් ජයසූරිය
11. මිලාන් රත්නායක
12. ලහිරු කුමාර
13. අසිත ප්‍රනාන්දු
14. දිල්ෂාන් මධුශංක
15. එෂාන් මාලිංග



















































