
තලංගම කොස්වත්ත හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් යතුරු පැදියක ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබේ.
තලාහේන දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.
අනතුරින් තුවාල ලැබූ 26 හැවිරිදි යතුරුපැදිකරු තලංගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තලංගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.























































