header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා සහ ප්‍රතිපත්ති රැසකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා සහ ප්‍රතිපත්ති රැසකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Mobitel 1278

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා සහ ප්‍රතිපත්ති රැසකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ ස්වේච්ඡා උපදේශක සභාව සමඟ ඔක්තොම්බර් 09 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

''අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක සහ ව්‍යුහමය වෙනස්කම් රැසක් සිදු කිරීම සඳහා වූ තීරණාත්මක ප්‍රතිපත්ති සහ යෝජනා ගණනාවකට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. විශේෂයෙන් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මගින් සකස් කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සංකල්ප පත්‍රිකාවට, ජාතික අධ්‍යාපන ආයතනය (NIE) මගින් ඉදිරිපත් කළ  සංශෝධිත ජාතික විෂයමාලා රාමුව (National Curriculum Framework) සහ 1 සිට 11 ශ්‍රේණි දක්වා වන ශිෂ්‍ය ඇගයීම් රාමුව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.  

ඒවගේම උසස් පෙළ සඳහා වන ඇගයීම් රාමුව මේ දිනවල සකස් වෙමින් පවතිනවා. ජාතික අධ්‍යාපන සභාව (Education Council) පිහිටුවීම සඳහා වන වාර්තාවත් අමාත්‍ය මණ්ඩල අනුමත කළා. ඊට අදාළ කෙටුම්පත් සම්පාදනය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කමිටුවක් පත් කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා. ඒවගේම  අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ ප්‍රතිපත්තිය ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතියෙන් පසුව ජනාධිපතිතුමා වෙත මේ වනවිට යොමු කර තිබෙනවා.  ඉදිරියේදී එය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. පාසල් අධ්‍යාපනය තුළ ඩිජිටල් ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් වසර 5ක් සඳහා රුපියල් බිලියන 96ක ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කළා ඒ සඳහාත්  ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිවී තිබෙනවා.

රාජ්‍ය සහ රාජ්‍ය නොවන දෙඅංශයේම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ (Quality Assurance) ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා උප කමිටුවක් ක්‍රියාත්මක කර ඇති අතර  උසස් පෙළ අවසන් කරන සිසුන් සඳහා විශ්වවිද්‍යාල, විද්‍යාපීඨ (NCOE) සහ වෘත්තීය අධ්‍යාපන ආයතන වෙනුවෙන් වෙන වෙනම අයදුම් කිරීමේදී මතුවන පරිපාලනමය ගැටලු විසඳීම සඳහා, සියලු උසස් අධ්‍යාපන විකල්පයන් සඳහා එකම ජාලයකින් අයදුම් කළ හැකි 'ඒකාබද්ධ ඇතුළත් කිරීමේ ප්‍රතිපත්තියක්' සකස් කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු අදාළ ආයතනවලට උපදෙස් දී ඇති බවත්,  2028 වසරේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙස එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා''

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉංජිනේරු, වෛද්‍ය (පාඨමාලා සහ පශ්චාත් උපාධි) සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයන් සඳහා වන ප්‍රතිපත්ති සකස් කිරීමට විශේෂ කමිටු පත් කර ඇති බවත්, රාජ්‍ය නොවන උපාධි පිරිනමන ආයතන නියාමනය කිරීම, උපාධි පිරිනැමීමේ තත්ත්වය ලබා දීම සඳහා වූ මාර්ගෝපදේශ පිළිබඳ නව ප්‍රතිපත්තියටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මෙහිදී පැවසීය.

එමෙන්ම සිසුන්ගේ අන්තර්ජාල ආරක්ෂාව සහ ඩිජිටල් සුබසාධනය වෙනුවෙන් වයස් කාණ්ඩ 5ක් යටතේ (1-2, 3-5, 6-7, 8-10 සහ 11-13 ශ්‍රේණි) මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බව ද සඳහන්.

එමෙන්ම ඊට අදාළ නියමු ව්‍යාපෘතිය ලබන නොවැම්බර් මාසයේදීත්, පූර්ණ ක්‍රියාත්මක කිරීම ලබන වසරේ මුලදීත් සිදු කිරීමට සැලසුම් කර ඇති බව ද නිලධාරීන් මෙහිදී අනාවරණය කළේය.

වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය, කර්මාන්ත සහ රැකියා වෙළඳපොළේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම, නව්‍යකරණය, AI තාක්ෂණය භාවිතය සහ කර්මාන්තශාලා ආශ්‍රිත පුහුණු අවස්ථා පුළුල් කිරීම සඳහා වූ සිව්වැදෑරුම් මූලෝපායික සැලැස්ම ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.  

ගුරු පුරප්පාඩු අනුව කඩිනමින් ඉදිරියේදී ගුරුවරුන් බඳවා ගැනිම, ගුරු ස්ථානමාරු සිදු කිරීම ක්‍රමවත් කිරීම, පාසල් දරුවන්ගේ සනීපාරක්ෂාව තහවුරු කිරීම කඩිනම් කිරීම, පාසල් දරුවන්ගේ නිරෝගී සෞඛ්‍ය වෙනුවෙන් ක්‍රීඩා හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංවර්ධනය කිරීම, පාසල් දරුවන්ගේ පෝෂණය හා සෞඛ්‍ය ඉහළ නැංවීම ඇතුළු අධ්‍යාපන ක්‍රෂේත්‍රයට අදාළ කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

 කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

 පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

 "ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

"ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

 මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

 පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

 නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

 "මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

"මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

 "ඊළඟට ජම්පරේ අන්දන්නේ මට ලූ.." - "හඳ පෙන්නද්දී ඇඟිල්ල දෙස නොබලා හඳ දෙසම බලන්න" | Ada Derana

"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට ලූ.." - "හඳ පෙන්නද්දී ඇඟිල්ල දෙස නොබලා හඳ දෙසම බලන්න" | Ada Derana

"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

ජනපති සමග සාකච්ඡාවට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට | Ada Derana

ජනපති සමග සාකච්ඡාවට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට | Ada Derana

 "160 දෙනාම අරහත් ධජයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ"

"160 දෙනාම අරහත් ධජයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana