
පාදුක්ක තානායමේ මත්පැන් පානය කරමින් සිටි පිරිසකට පිටතින් පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් වාර්තාවෙයි.
ඉන් බරපතළ කැපුම් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.
මීට දින කිහිපයකට පෙර ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම පිරිස පැමිණ මෙසේ තියුණු ආයුධවලින් මොවුන්ට පහරදී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත.
පහර කෑමෙන් තුවාල වූ දෙදෙනෙක් මේ වන විට හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
පහර දුන් පිරිස මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් සැඟව ඇති බව පාදුක්ක පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පාදුක්ක පොලීසිය විසින් සිදු කරනු ලබයි.





















































