
නොවැම්බර් මස පැවැත්වෙන මධ්‍යවාර කොංග්‍රස් මැතිවරණයට පෙර ඉරානයට ප්‍රහාරයක් එල්ල නොකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
අමෙරිකාව සහ ඉරානය අතර මේ වනවිට ඵලදායී සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවද ට්‍රම්ප් සඳහන් කර තිබේ.
නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත මධ්‍යවාර මැතිවරණයට පෙර කිසිදු අවස්ථාවක ඉරානයට ප්‍රහාර එල්ල නොකරන බව ඔහු අවධාරණය කර ඇත.
කෙසේ වෙතත්, ඉරාන වරායන් සම්බන්ධයෙන් අමෙරිකාව පනවා ඇති අවහිරය තවදුරටත් ක්‍රියාත්මක වන බවද ට්‍රම්ප් පවසා තිබේ.
මේ අතර, අමෙරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම අවසන් කිරීම සහ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය පසුගිය සති කිහිපය තුළ යෝජනා හුවමාරු කරගෙන ඇති බවද වාර්තා වේ.





















































