header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
අපේක්ෂා රෝහලේ සේවා ශක්තිමත් කිරීමට විශේෂ සමාලෝචන රැස්වීමක්
අපේක්ෂා රෝහලේ සේවා ශක්තිමත් කිරීමට  විශේෂ සමාලෝචන රැස්වීමක්
Mobitel 1278

මහරගම අපේක්ෂා රෝහලේ වත්මන් මෙහෙයුම් කටයුතු, රෝගී සත්කාරක සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ විශේෂ කළමනාකරණ සමාලෝචන රැස්වීමක් රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඒ, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙනි.

රජයේ රෝහල්වල පාලන කටයුතු විධිමත් කිරීම, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ රෝගී සත්කාර සේවා සංවර්ධනය කිරීම සඳහා රෝහල් මට්ටමින් මෙම රෝහල් කළමනාකරණ සමාලෝචන රැස්වීම් පවත්වා ඇත.

මහරගම අපේක්ෂා රෝහලේ පැවැති මෙම කළමනාකරණ සමාලෝචන රැස්වීමෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ, රෝහල වෙත පැමිණෙන රෝගීන් හට විධිමත් හා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ අඛණ්ඩ ප්‍රතිකාර සේවාවක් සහතික කිරීමයි.

මෙහිදී රෝහලේ ප්‍රගතිය මෙන්ම කඩිනමින් අවධානය යොමු කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

රෝහලේ යටිතල පහසුකම් සහ නව ප්‍රධාන සැලසුම (Master Plan) පිළිබඳව අවධානය යොමු කරමින්, රෝහල් පරිශ්‍රයේ ඉඩකඩ උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ (CECB) සහාය ඇතිව රෝහලේ නව ප්‍රධාන සැලසුම ඉදිරි දීර්ඝ කාලයකට ගැලපෙන පරිදි සකස් කිරීමේ අවශ්‍යතාව මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මීට අමතරව රෝහලේ ඉදිවන නව ළමා වාට්ටු සංකීර්ණය ඇතුළු සායනික ගොඩනැගිලිවල ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.

විකිරණ ප්‍රතිකාර අංශය මගින් සිදු කරන ප්‍රතිකාර තවත් පුළුල් කරමින් පොරොත්තු ලේඛන අවම කිරීම සඳහා CT සිමියුලේටර් පහසුකම් සම්පූර්ණ කිරීම සහ ආසියානු සංවර්ධන බැංකු (ADB) ව්‍යාපෘතිය යටතේ ලැබෙන නව LINAC යන්ත්‍ර සඳහා වන බංකර් ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

සායන සහ වාට්ටු සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයකින් තොරව වෛද්‍ය සැපයුම් අංශය (MSD) හරහා අඛණ්ඩව ලබාගැනීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. වෛද්‍ය සැපයුම් අංශය සමග මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීම, හදිසි මිලදී ගැනීම් සිදු කිරීම මෙන්ම ඖෂධ සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් නිවැරදි කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමට ද මෙහිදී කටයුතු කෙරිණි.

එමෙන්ම රෝහලේ සේවා උපරිම කාර්යක්ෂමතාවයෙන් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය නිලධාරීන්, හෙද නිලධාරීන්, විකිරණ ශිල්පීන්, ඖෂධවේදීන් සහ සෞඛ්‍ය කාර්ය සහායක පුරප්පාඩු පිරවීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ක්‍රියාවට නංවා ඇති සැලසුම් සහගත වැඩපිළිවෙළ තුළින් ක්‍රමානුකූලව කාර්ය මණ්ඩල ලබා දීමට පියවර ගන්නා බව ද සඳහන් විය. මෙම සති අන්තයේ සෞඛ්‍ය කාර්ය සහායක නව පත්වීම් ප්‍රදානයක් සිදු කරන බැවින්, ඉන් යම් ප්‍රමාණයක් රෝහලට ලබා දීමට කටයුතු කරන බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.

මෙම කළමනාකරණ සමාලෝචන රැස්වීමේදී වායු සමීකරණ පද්ධති, වෛද්‍ය උපකරණ, ඩිජිටල්කරණ වැඩපිළිවෙළ, අන්තර්ජාල සේවා ශක්තිමත් කිරීම මෙන්ම කාර්ය මණ්ඩලයේ වෘත්තීය ගැටලු පිළිබඳව ද අවධානය යොමු විය.

අපේක්ෂා රෝහලේ රෝගී ප්‍රතිකාර සේවා කාර්යක්ෂම හා විධිමත් කරමින් ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබා දීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

 කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

 පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

 "ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

"ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

 මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

 පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

 නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

 "මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

"මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

 "ඊළඟට ජම්පරේ අන්දන්නේ මට ලූ.." - "හඳ පෙන්නද්දී ඇඟිල්ල දෙස නොබලා හඳ දෙසම බලන්න" | Ada Derana

"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට ලූ.." - "හඳ පෙන්නද්දී ඇඟිල්ල දෙස නොබලා හඳ දෙසම බලන්න" | Ada Derana

"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

ජනපති සමග සාකච්ඡාවට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට | Ada Derana

ජනපති සමග සාකච්ඡාවට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට | Ada Derana

 "160 දෙනාම අරහත් ධජයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ"

"160 දෙනාම අරහත් ධජයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana