
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු විස්සයි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 182ක් රැස් කළේය.
ඒ අනුව තරගය ජයගැනීම සඳහා පාකිස්තානයට හිමිවී ඇති ඉලක්කය ලකුණු 183කි.
ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් අගනා ඉනිමක් ගොඩනැගූ ළහිරු උදාර පන්දු 55කදී 4 පහර 11ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 91ක් රැස් කළේය.





















































