
ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව සංවිධානය කළ සැමරුමක් අද (09) කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය විසින් සංවිධානය කළ මෙම වැඩසටහන බත්තරමුල්ල, සුහුරුපාය පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනය සමරනු ලැබුවේ "සැබෑ අත්දැකීම්වලට සවන් දෙමු, සැබෑ හඬින්, යථාර්ථවාදී වෙනසක්!" යන්න තේමා කරගනිමිනි.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පැවසුවේ මානසික සෞඛ්‍ය සංවර්ධනය වෛද්‍ය විද්‍යාත්මක කාරණයක් ලෙස දකිමින් එය ඊට පමණක් සීමා කරමින් කටයුතු කිරීම ප්‍රමාණවත් නොවන බවය.
විශාල සමූහයක් මධ්‍යයේ වුවද එකිනෙකා හුදෙකලාව ජීවත්වීම අද වන විට පොදු සහ සුලභ තත්ත්වයක් බවට පත්ව ඇති බවත් පැවසූ අමාත්‍යවරිය කුටුම්භයක් තුළ මව, පියා, දරුවන් පවුලක් ලෙස සිතීම නැවත ආරම්භ කළ යුතුව ඇති බවද පැවසුවාය.
එමෙන්ම අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන විසින් සිය උපදේශන සේවාද මෙහෙය විය යුත්තේ මෙම සැබෑ ගැටළුව පිළිබඳව දැනුම්දෙමින් බව පැවසූ අමාත්‍යවරිය ගැටළුවක් ඇතිවූ පසු සුවපත් කිරීමට පෙර ගැටළු ඇතිවන පසුබිම හඳුනාගෙන ඒ පසුබිම් සුවපත් කිරීමට අවධානය යොමුකළ යුතු බවද පෙන්වා දුන්නාය.
























































