
අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS TULSA (LCS 16)’ යුද නෞකාව අද (09) දින දිවයිනෙන් පිටත්ව යන ලදී.
එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
ඒ අනුව, ඔක්තෝබර් මස 07 වැනි දින සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි මෙම ‘USS TULSA (LCS 16)’ යුද නෞකාව, එම අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව මෙලෙස දිවයිනෙන් පිටත් වූ බව නාවික හමුදාව නිවේදනය කළේය.





















































