
රුපියල් මිලියන 120ක වටිනාකමින් යුත් නවීන ලැපරොස්කොපි යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර තිබේ.
මෙම පරිත්‍යාගය සිදුකර ඇත්තේ සිංගප්පූරුවේ වැඩසිටින නාකුළුගමුවේ සුමන නාහිමියන් සහ කඩවත සරණ බෞද්ධ පදනමේ සභාපති සුනිල් විජේවර්ධන කොහිලවත්ත මහතාගේ ධන පරිත්‍යාගයෙනි.
ඊට අදාළ යන්ත්‍ර සහ නිල ලේඛණ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත භාරදීම නාරාහෙන්පිට ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පසුගියදා සිදු කෙරිණි.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මෙම පරිත්‍යාගය යටතේ ලැබුණු නවීන ලැපරොස්කොපි යන්ත්‍ර දෙක මහනුවර ජාතික රෝහල සහ රාගම ශික්ෂණ රෝහල වෙත ලබා දීමට සැලසුම් කර ඇති බවය.
එමගින් එම රෝහල්වල සිදුකෙරෙන නවීන ශල්‍යකර්ම සඳහා අවශ්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට හා ශක්තිමත් කිරීමටද අවස්ථාව උදාවන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ලැපරොස්කොපි තාක්ෂණය යොදාගනිමින් සිදුකරන ශල්‍යකර්මවලදී සාම්ප්‍රදායික විවෘත ශල්‍යකර්මවලට සාපේක්ෂව ශරීරයට සිදුකරන කැපුම් ප්‍රමාණය ඉතා අවම වේ.
ඒ හේතුවෙන් ශල්‍යකර්මයෙන් පසු රෝගීන් වේගයෙන් සුවය ලැබීම, අධික වේදනාව අවම වීම මෙන්ම රෝහල්ගතව සිටින කාලය සැලකිය යුතු ලෙස කෙටි වීමද සිදුවේ.
නවීන ශල්‍ය තාක්ෂණය යොදා ගනිමින් රෝගීන්ට වඩාත් පහසු හා කාර්යක්ෂම ප්‍රතිකාර ලබා දීම සඳහා මෙන්ම රෝහල්වල ප්‍රතිකාර ධාරිතාව ඉහළ නැංවීම සඳහාද මෙම උපකරණ සුවිශේෂී දායකත්වයක් සපයන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.





















































