
මෙක්සිකෝවේ සිනලෝවා ප්‍රාන්තයේ බන්ධනාගාරයක ඇති වූ ගැටුමකින් පුද්ගලයන් 10දෙනෙකු මියගොස් තිබේ.
බන්ධනාගාර රැඳවියන් 09දෙනෙකු සහ රැදවියක් බැලීමට පැමිණ සිටි අයෙකු මෙලෙස මියගොස් ඇත.
එමෙන්ම ගැටුමෙන් තවත් පුද්ගලයින් 16දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
පවුලේ සාමාජිකයින් රැඳවියන් බැලීමට පැමිණෙන වේලාව තුළදී මෙම ගැටුම සිදුව ඇති බව ද සදහන්.
ව්දෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ අදාළ ගැටුම එරට ආරක්ෂක අංශ මැදිහත් වී මේ වනවිට පාලනය කර ඇති බවය.





















































