
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට ධනංජය ද සිල්වා තීරණය කර තිබේ.
නවකයින්ට අවස්ථාව ලබාදීමේ අරමුණින් ඔහු මෙම තීරණය ගත් බවට තමන්ට දැනුවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
කෙසේවෙතත් ධනංජය ද සිල්වා තවදුරටත් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායම නියෝජනය කර ඇති බව ද දන්වා ඇත.





















































