
ශ්‍රී ලංකා ගුරු සේවයට අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමේදී මතුව ඇති ගැටලු විසඳීම සඳහා නව ගුරු ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටී.
ඒ සම්බන්ධයෙන් ගුරු හා විදුහල්පති සංගම් නියෝජිතයින් සමග සාකච්ඡාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 02 වනදා ඉසුරුපායදී පැවැත්වුණි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ අනුව අදාළ ව්‍යවස්ථා සංශෝධනය සිදුකිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
එම ව්‍යවස්ථා සංශෝධනය සිදුකළ වහාම අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කළ හැකි බවද අග්‍රාමාත්‍යවරිය එහිදී ප්‍රකාශ කර තිබේ.
මේ අතර, ගුරු පුහුණුව, විද්‍යාපීඨ සංවර්ධනය සහ ගුරු හා විදුහල්පති ඇතුළු සේවාවන් හයක වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන වෘත්තික සභාවක් පිහිටුවීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද අග්‍රාමාත්‍යවරිය කරුණු පැහැදිලි කර තිබේ.





















































