
සැප්තැම්බර් මස 25 වැනිදා ආරම්භ කෙරුණු 2026 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (04) අවසන් කෙරුණි.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙහි දින 10ක් පුරා පැවති මෙම පොත් ප්‍රදර්ශනයට දිවයිනේ නන්දෙසින් විශාල පිරිසක් පැමිණි අතර ඒ සඳහා නිල මාධ්‍ය අනුග්‍රහය TV දෙරණ ලබාදුනි.
ගෙවුණු දින 10 තුළ පොත් ප්‍රදර්ශනය භූමියේ ස්ථාපිත දෙරණ කලාපයේ සිදුකෙරුණු ප්‍රවෘත්ති නිවේදන තිර පරීක්ෂණයෙන් සුදුසුකම් ලැබූ පාසල් සහ සරසවි සිසු සිසුවියන්ට 'අද දෙරණ' ප්‍රවෘත්ති විකාශ ඔස්සේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමටත් අවස්ථාව හිමිවීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති අතුල ජයකොඩි මහතා සඳහන් කළේ ලක්ෂ 25කට වැඩි ජනතාවක් ප්‍රදර්ශන භූමියට පැමිණි බවය.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, "ඉතාම සාර්ථක පොත් ප්‍රදර්ශනයක්. පොත් අලෙවිය 95% කියලා දැනට අපිට වාර්තා වෙලා තියෙනවා. TV දෙරණ මාධ්‍ය අනුග්‍රහය දක්වපු නිසා ලොකු ප්‍රචාරයක් ලැබුණා පොත් ප්‍රදර්ශනයට."





















































