
යුක්‍රේනයේ කියෙව් අගනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවකට එල්ල කරන ප්‍රහාර ඉදිරියේදී තවත් තීව්‍ර කරන බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබේ.
යුක්‍රේන ජනාධිපති ව්ලොදීමීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy) මෑතකදී රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ රුසියාවේ තෙල් පිරිපහදුවලට පහරදීම දෙගුණ කරන බවයි.
ඊට ප්‍රතිචාරයක් ලෙස තමන් මෙම පියවර ගන්නා බව රුසියාව පවසයි.
රුසියාව යුක්‍රේනයේ බලශක්ති පද්ධතිවලට සහ නගරවලට පහරදී ජනතාව පලවා හැරීමට උත්සාහ කරන නිසා, ඊට පිළිතුරු ලෙස තමන් රුසියානු තෙල් පිරිපහදුවලට පහර දෙන බවත්, නමුත් සාමාන්‍ය ජනතාව ඉලක්ක නොකරන බවත් සෙලෙන්ස්කි පැවසීය.





















































