
ඉන්දීය කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්ව තිබේ.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 351ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම සදහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණඩායම පන්දුවාර 48යි පන්දු 2ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.
කෙසේවෙතත් දෙරට අතර පැවති එක්දින තරගාවලිය දෙකට එකක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව ඇත.





















































