
සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි ඇරම්කෝ තෙල් පිරිපහදුවට බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව යෙමනයේ හූති සටන්කාමීන් පවසයි.
යෙමනයේ සනා ඇතුළු ප්‍රදේශ කිහිපයකට සෞදි අරාබිය එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
ප්‍රහාරයෙන් අදාළ තෙල් පිරිපහදුව පිහිටි භූමියෙන් විශාල දුම් සහ ගිනි ජාලා නැඟෙනු දැකගත හැකි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත්, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි බලධාරීන් හෝ ඇරම්කෝ සමාගම මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
පසුගිය සතියේදී ද යන්බු ප්‍රදේශයේ පිහිටි ඇරම්කෝ තෙල් පිරිපහදුව වෙත ද හූති සංවිධානය විසින් ප්‍රහාර එල්ල කර ඇති අතර, එම මිසයිල 6ක්ම අහසේදීම විනාශ කිරීමට සෞදි ආරක්ෂක අංශ සමත් විය.





















































