
20 වන ආසියානු ක්‍රීඩා උළලේ ක්‍රිකට් රන් පදක්කම දිනාගැනීමට ඉන්දියාව අද (03) සමත් විය.
ඒ, අවසන් මහා තරගයේදී පාකිස්තාන කණ්ඩායම ලකුණු 19කින් පරාජයට පත් කරමිනි.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දිය පිළ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 211කි.
ඊට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු හයක් දැවි ලබාගැනීමට හැකි වූයේ ලකුණු 192ක් පමණය.





















































