header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් අරඹේ
ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් අරඹේ
Mobitel 1278

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග පද්ධතියද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමට අයත් නව තෙල් ටැංකි ගබඩා පද්ධති දෙකකද ඉදිකිරීම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

බලශක්ති ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ රජයේ ජාතික ඉලක්කයට සමගාමීව ගුවන් ඉන්ධන සැපයුම් ආරක්ෂාව තහවුරු කිරීම, සැපයුම් පිරිවැය අවම කිරීම සහ අනාගත ගුවන් ඉන්ධන ඉල්ලුම සඳහා අවශ්‍ය ධාරිතාව සැපයීම වෙනුවෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.

මෙරට ගුවන් සේවා ක්ෂේත්‍රයේ අනාගත ඉල්ලුම සාර්ථකව සපුරාලමින්, ගුවන් ඉන්ධන සැපයුම් සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ප්‍රවාහන වියදම් අවම කිරීම අරමුණු කරගනිමින් මුතුරාජවෙල සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධ කරමින්, ගුවන් යානා ඉන්ධන සැපයීම සඳහාම වෙන් වූ විශේෂ නළ මාර්ගයක් සහ ඊට සම්බන්ධ ටැංකි සංකීර්ණයක් ඉදිකිරීම සිදු කෙරේ.

ඝන මීටර් 92,000ක සමස්ත ධාරිතාවකින් යුත් නව ජෙට් A-1 ඉන්ධන ටැංකි පහක් ඉදිකිරීම ආරම්භ වන අතර, මෙහි විශාල ජෙට් A-1 ටැංකි දෙකක් (එකක් ඝන මීටර් 30,000 බැගින්), මධ්‍යම ප්‍රමාණයේ ටැංකි දෙකක් (එකක් ඝන මීටර් 15,000 බැගින්) සහ ඝන මීටර් 2,000ක වන අතිරේක ටැංකියක් ඇතුළත් වේ.

මුතුරාජවෙල ටැංකි සංකීර්ණයේ සිට කිලෝමීටර් 21ක් දිග සහ අඟල් 10ක විෂ්කම්භයකින් යුත් භූගත නළ මාර්ගයක් ඔස්සේ ගුවන්තොටුපොළ වෙත ඉන්ධන සැපයුම් නළ පද්ධතිය සම්බන්ධ කෙරේ.

මෙම ව්‍යාපෘතිය මාස 30කින් අවසන් කිරීමට නියමිතය.

මේ අතර, ඛනිජ තෙල් කර්මාන්තයේ ගබඩා සහ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම සඳහා අඛණ්ඩව දරන උත්සාහයේ කොටසක් ලෙස, ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම විසින් මුතුරාජවෙල පර්යන්තයේ නව ගබඩා ටැංකි තුනක් ඉදිකිරීම අද ආරම්භ කළේය.

මෙය නිම කිරීමෙන් පසු ඝන මීටර් 15,000ක ටැංකි 02ක් සහ ඝන මීටර් 10,000ක ටැංකියකින් යුතුව ටැංකි තුනක පද්ධතියක් මඟින් ඝන මීටර් 40,000ක අමතර මුළු ගබඩා ධාරිතාවක් සපයනු ඇත.

එමඟින් පර්යන්තයේ ඛනිජ තෙල් ගබඩා හැකියාවන් තවදුරටත් වැඩිදියුණු වන අතර, රටේ ඛනිජ තෙල් යටිතල පහසුකම් අඛණ්ඩව සංවර්ධනය කිරීමට එයින් සහාය ලැබේ.

මෙම ව්‍යාපෘතිය මාස 18ක කොන්ත්‍රාත් කාලසීමාවකින් යුක්ත වන අතර, එය 2028 අප්‍රේල් මාසයේදී අවසන් කිරීමට නියමිතය.

වැඩිදියුණු කළ ආරක්ෂාව, විශ්වාසනීයත්වය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහතික කරමින්, අදාළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ කර්මාන්තයේ පිළිගත් හොඳම භාවිතයන්ට අනුකූලව මෙම ටැංකි ඉදිකෙරෙමින් පවතී.

මෙම අතිරේක ගබඩා ධාරිතාව මගින් රටේ ඉන්ධන සංචිත ශක්තිමත් කිරීම, මෙහෙයුම් නම්‍යශීලීභාවය වැඩිදියුණු කිරීම සහ රටේ වර්ධනය වන බලශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්ධන නිෂ්පාදන විශ්වාසනීයව සහ බාධාවකින් තොරව බෙදා හැරීමට සහාය වීම සිදු කෙරේ.
 

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

ආණ්ඩුවට එරෙහිව සජබයේ පිරිසක් බදුල්ලේ දී විරෝධයක...

ආණ්ඩුවට එරෙහිව සජබයේ පිරිසක් බදුල්ලේ දී විරෝධයක...

 GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

 "මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

"මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

 කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

 "මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

"මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

 රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

 තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

 40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි