
2025 ඔක්තෝබර් 30 වනදා සිට ගතවු වසරකට ආසන්න කාලය තුල දිවයින පුරා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ළමුන් හා තරුණ තරුණියන් 9000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු වුට්ලර් මහතා පැවසුවේ අවුරුදු 8ත් 14ත් අතර ළමුන්ද ඒ අතර වීම කණගාටුවට කරුණක් බවයි.
“ලෝක ලමා දිනය අපි සමරපු මොහොතේ ඉතාම කණගාටුවෙන් වුණත් කියන්නට අවශ්‍යයි 2025 ඔක්තෝබර් 30 සිට මේ පෙර දින දක්වා අපිට වයස අවුරුදු 8ත් 21ත් අතර ළමුන් සහ තරුණයින් 9,105 දෙනෙක් විවිධ වූ මත්ද්‍රව්‍ය හේතූන් නිසා අත්අඩංගුවට ගැනීමට සිදුව තිබෙනවා. ඒ් වගේම තමයි මේ ළමුන් අතරින් පිරිමි ළමුන් 8, 932ක් පොලිස් භාරයට ගන්නට සිදු වෙලා තියෙනවා. තරුණ දියණියෝ 173ක් අත්අඩංගුවට ගැනීමට සිදුව තියෙනවා ඒ් වගේම වසය අවුරුදු 8ත් 14ත් අතර පුංචි පැටව් 11 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වෙලා තියනවා”





















































