
හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.
ඒ අල්ලස් කොමිසම විසින් සිදුකර තිබූ කැඳවීමක් අනුවය.
පසුගිය 2007 වසරේදී කැබිනට් මණ්ඩලයට යොමු කළ කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඒ මහතා අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.
ඒ අනුව හිටපු අමාත්‍යවරයා අද (02) උදෑසන අල්ලස් කොමිසම හමුවට පැමිණියේය.















































