
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පිරිමි සහ කාන්තා සියලුම ආකෘතිවල තරග කොන්දේසි සඳහා නව සංශෝධන රැසක් හඳුන්වා දී තිබේ.
ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව සංශෝධන හඳුන්වා දී ඇත.
ඒ අනුව, නියමිත වේලාවට පිතිකරණයට සූදානම් නොවන පිතිකරුවන්ට එරෙහිව නව දඬුවම් ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.
පළමු අවස්ථාවේදී අවවාදයක් සහ දෙවන අවස්ථාවේදී අවසන් අවවාදයක් ලබාදෙන අතර, තෙවන අවස්ථාවේ සිට පන්දු රකින කණ්ඩායමට ලකුණු 5 බැගින් ලබාදීමට නියමිතය.
අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගයට සිදුවන බාධා අවම කිරීම සඳහා, දෙපාර්ශ්වයේ එකඟතාව මත දහවල් පැවැත්වෙන ටෙස්ට් තරග සඳහාද රෝස පැහැති පන්දුව භාවිත කිරීමට අත්හදා බැලීමේ පදනමින් අවසර ලබාදී තිබේ.
එමෙන්ම, ටෙස්ට් තරගයක දිනකට නියමිත අවසන් ඕවරය අතරතුර කඩුල්ලක් බිඳ වැටුණද, කාලගුණ තත්ත්වය යහපත් නම් එම ඕවරය සම්පූර්ණ කිරීමට නව නීතිය යටතේ සිදුවනු ඇත.
කාන්තා ක්‍රිකට් තරග සඳහා භාවිත කරන පන්දුවේ බර සහ ප්‍රමාණයද නව සංශෝධන යටතේ නිශ්චිතව දක්වා තිබේ. ඒ අනුව පිරිමි, කාන්තා සහ කනිෂ්ඨ ක්‍රිකට් සඳහා වෙන වෙනම නිශ්චිත ප්‍රමිතීන්ට අනුකූල පන්දු භාවිත කිරීමට නියමිතය.
'Overthrow' සහ පන්දුවේ සම්පූර්ණ පාලනය පිළිබඳ නීතිද තවදුරටත් පැහැදිලි කර තිබේ. විශේෂයෙන්ම දුවද්දී දවාගැනීමකදී හෝ කඩුල්ල පිටුපසින් දවාගැනීමකදී පන්දු රකින්නාට පන්දුව සම්පූර්ණයෙන් පාලනය වී තිබීම අවශ්‍ය වේ.
විස්සයි20 තරගවල ඉනිම් අතර විවේක කාලයද මිනිත්තු 15කට සීමා කර ඇති අතර, එක්දින සහ විස්සයි20 තරගවල 'Wide' පන්දු සම්බන්ධ නීතිද ස්ථිර කර තිබේ.
ICC පිරිමි ක්‍රිකට් කමිටු සභාපති සෞරව් ගංගුලි සඳහන් කර ඇත්තේ, ක්‍රීඩාවේ වේගය සහ විනිවිදභාවය ආරක්ෂා කරමින් නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි මෙම සංශෝධන සිදුකළ බවයි.















































