
ජපානයේ දී පැවැත්වෙන 20 වන ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත්ව තිබේ.
රන් පදක්කම් 152ක් රිදී පදක්කම් 72ක් සහ ලෝකඩ පදක්කම් 62ක් සමගින් ඔවුන් හිමි කර ගෙන ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 285කි.
පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ පසුවන ජපානය රන් පදක්කම් 57ක් රීදි පදක්කම් 78ක් සහ ලෝකඩ පදක්කම් 79ක් ලෙස සමස්ත පදක්කම් 259ක් හිමිකර ගෙන ඇත.
රන් පදක්කම් 30ක් සමගින් සමස්ත පදක්කම් 112ක් ලැබු දකුණු කොරියාව තෙවන ස්ථානයේ පසුවන අතර උස්බෙකිස්තානය සිව්වන ස්ථානයේත් ඉරානය 05 වන ස්ථානයේත් පසු වේ.
සැප්තැම්බර් මස 19වනදා ආරම්භ වු ආසියානු ක්‍රීඩා උළෙල ලබන 04 වනදා තෙක් පැවැත්වීමට නියමිතය.





















































