
ජපානයේ ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය විසින් ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීමේ විශේෂ උත්සවයක් නගෝයා හීදි පැවැත්වුණි.
එහිදී ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංගට විශේෂ උපහාරයක් පිරිනමනු ලැබීය.
මෙම වැඩසටහන ජපානයේ ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කළ අතර මෙම වැඩසටහන නගෝයාහි Espacio Castle Hotel පරිශ්‍රයේදී පැවැත්වුණි.
රුමේෂ් තරංගගේ ජයග්‍රහණය ඇගයීමක් ලෙස ජපානයේ ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය විසින් මෙහිදී වටිනා මෝටර් රථයක් ත්‍යාගයක් ලෙස පිරිනමනු ලැබීය.
වැඩසටහනේ සියලු සංවිධාන කටයුතු ජපානයේ ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු ලේකම් නිශාන්ත මීගල්ල මහතා විසින් සිදුකරනු ලැබීය.
මෙම අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති පිවිතුරු ජනත් කුමාරසිංහ මහතා ඇතුළු සංගමයේ සාමාජිකයින් සහ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් එක්ව සිටියේය.





















































