header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඥානසාර හිමිට අදත් වරෙන්තුවක්
ඥානසාර හිමිට අදත් වරෙන්තුවක්
Mobitel 1278

Update: 12.40PM

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත්කර තිබේ.

ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය අද (30) වරෙන්තු නිකුත් කළේය.

මෙම නඩුකරය අද කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටි බව සඳහන් වෙයි.

එම අවස්ථාවේදී ඥානසාර හිමියන් අසනීප තත්ත්වයෙන් පසුවන බවට වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් වුවද ඥානසාර හිමියන්ගේ ඇපකරුවන් අධිකරණයේ පෙනී සිට නැත.

ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසෝක වීරසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය කෙටියෙන් අවසන් කර ගැනීමට සිය සේවාදායක හිමියන් අපේක්ෂා කරන බවත් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත නියෝජන ඉදිරිපත් කර තිබෙන බවත් සඳහන් කළේය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාර ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි නිසාත් උන්වහන්සේගේ ඇපකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසාත් විත්තිකාර ඥානසාර හිමියන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කරන ලෙසත් නියෝග කළේය.

ඉස්ලාම් ආගමිකයින්ගේ ශුද්ධ වූ කුරාණය සම්බන්ධයෙන් පළ කරන ලද අදහස්වලින් එම දහමට අපහාසයක් සිදු වී ඇති බව සඳහන් කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.


10.34 AM

ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කරමින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නීති කෘත්‍යට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය අද (30) වරෙන්තු නිකුත් කළේය.

ඒ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි උන්වහන්සේට ප්‍රදානය කළ පොදු සමාව බල රහිත බව ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කළ පසුබිමක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ නියම කිරීමෙන් පසුවයි.

 

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

ඌරුබොක්කේ හැලප ගැන වෙනස් විදිහකට දැකපු හඳුන්නෙත්ති

ඌරුබොක්කේ හැලප ගැන වෙනස් විදිහකට දැකපු හඳුන්නෙත්ති

මුහුදට එකතුවෙන හානිකර ද්‍රව්‍යවලින් සමුද්‍රීය පරිසරය රැකගන්න පුහුණු අභ්‍යාසයක්

මුහුදට එකතුවෙන හානිකර ද්‍රව්‍යවලින් සමුද්‍රීය පරිසරය රැකගන්න පුහුණු අභ්‍යාසයක්

 දික්කසාද නඩුවට ආ අඹුසැමියෝ ගුටි කෙළියක

දික්කසාද නඩුවට ආ අඹුසැමියෝ ගුටි කෙළියක

 රතු පලස මතින් එක් තැනකට එක්වූ ලොව බලවතුන්...

රතු පලස මතින් එක් තැනකට එක්වූ ලොව බලවතුන්...

 අභ්‍යවකාශයේ කි.මී බිලියන 25.9ක් ගිය 'Voyager 1'... ආලෝක දිනයක් පසු කළ ඓතිහාසික සැමරුම

අභ්‍යවකාශයේ කි.මී බිලියන 25.9ක් ගිය 'Voyager 1'... ආලෝක දිනයක් පසු කළ ඓතිහාසික සැමරුම

 අදත් අයවැයට කුණු බැනුම්... විරෝධතා රැසක් දිවයින පුරා...

අදත් අයවැයට කුණු බැනුම්... විරෝධතා රැසක් දිවයින පුරා...

 අනුරපුරේ සත්‍යග්‍රහ භූමියේදී පහර කෑ කාන්තාව පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලයි...

අනුරපුරේ සත්‍යග්‍රහ භූමියේදී පහර කෑ කාන්තාව පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලයි...

 fm දෙරණ සංවිධානය කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ තෙමස් පූර්ණ පිංකම..

fm දෙරණ සංවිධානය කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ තෙමස් පූර්ණ පිංකම..

ඕමාන් මහ මුහුදේ ගිනි ගන්නා ගෑස් නැව - කැමරාවේ සටහන් වූ සජීවි දර්ශන පෙළක්

ඕමාන් මහ මුහුදේ ගිනි ගන්නා ගෑස් නැව - කැමරාවේ සටහන් වූ සජීවි දර්ශන පෙළක්

 බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දවස් 5කට නවතී

බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දවස් 5කට නවතී

 නාමල් අදත් කොටුවට...

නාමල් අදත් කොටුවට...

 වායු දූෂණය දිවයිනේ ප්‍රදේශ රැසකට ව්‍යාප්ත වෙයි

වායු දූෂණය දිවයිනේ ප්‍රදේශ රැසකට ව්‍යාප්ත වෙයි

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

අයවැයට එන විරෝධය...වෘත්තිය සංගම් රැසක් අදත් පාරට

අයවැයට එන විරෝධය...වෘත්තිය සංගම් රැසක් අදත් පාරට

Mobitel 1278
Lassana Flora

Spotlight

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

 පොලීසියට අලුතෙන් 20,000ක්

පොලීසියට අලුතෙන් 20,000ක්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

 නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

 සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

රට පුරා පාරවල් හදන්න බිලියන 506ක්

රට පුරා පාරවල් හදන්න බිලියන 506ක්

දෙල් මිල දෙල්වෙයි

දෙල් මිල දෙල්වෙයි

දොස්තර පුටු 7,000ක් හිස් වීමේ අවදානමක්

දොස්තර පුටු 7,000ක් හිස් වීමේ අවදානමක්

වැඩිපුර එළියේ ඉන්න එපා ! කොළඹ වායු දූෂණය නරකම අතට

වැඩිපුර එළියේ ඉන්න එපා ! කොළඹ වායු දූෂණය නරකම අතට

අධිකරණයට අපහාස වන ප්‍රකාශ කරන්න එපා !

අධිකරණයට අපහාස වන ප්‍රකාශ කරන්න එපා !